.
ලෝක ළමා දිනයේ
ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ගුරු වෘත්තීය සංගම් සිය විරෝධය
පළ කරයි.
මෙලෙස ප්‍රතිඵල නිකුත් කර අසමත් සිසුන් ලක්‍ෂ ගණනක් හැඬවීමෙන් අධ්‍යාපන බලධාරීන්ගේ මොළයේ දිග පළල පෙන්වා දී ඇතැයි අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය පවසන අතර ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි පළමු මොහොතේම ප්‍රතිඵල නිකුත් කරනු වෙනුවට ඒ සඳහා නිශ්චිත දිනයක් වෙන් කිරීම මෝඩ ක්‍රියාවක් බවය.
ලෝක ළමා දිනයේ දරුවන් බහුතරයක් හැඬවීමේ බලාපොරොත්තුවෙන් කටයුතු කළ අධ්‍යාපන බලධාරීන්ට සිය විරෝධය පළ කරන බව ද එම සංගම් සඳහන් කරයි.