තම දියණිය නිවසේ තනිවම සිටින බව පවසා ඇගේ තනියට
යැයි කියා සැකකරු විසින් තමන්ගේ පුතා හා විවාහ වී සිටින ලේලිය ඇයගේ නිවස කැඳවා ගෙන ගොස් ඇත
තනිරැකීමට
ගොස් තම ලේලිය (පුතාගේ බිරිඳ) දුෂණය කළ බව කියන අවුරුදු 46 ක් වන මාමණ්ඩියෙකු
අත්අඩංගුවට ගෙන ඇති බව ආණමඩුව පොලීසිය කියයි.
අතවරයට ලක්ව
ඇත්තේ ආඬිගම -බුද්ධිගම ගම්මානයේ පදිංචිව සිටින තරුණ විවාහක කාන්තාවකි.
සැකකරු
පදිංචිව සිට ඇත්තේ ආණමඩුව - ගරායක්ගම පොලිස් ගම්මානයේ වන අතර තම දියණිය නිවසේ
තනිවම සිටින බව පවසා ඇගේ තනියට යැයි කියා සැකකරු විසින් තමන්ගේ පුතා හා විවාහ වී
සිටින ලේලිය ඇයගේ නිවසේ සිට ගරායක්ගම පිහිටි සැකකරුගේ නිවසට කැඳවා ගෙන ගොස් ඇත.
එම නිවස තුළදී
සැකකරු විසින් තමන්ගේ ලේලියට මෙම අපරාධය සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි
පොලීසිය කියයි.
පියා විසින්
කැඳවාගෙන ගිය තම බිරිඳ සොයා ගිය ස්වාමි පුරුෂයාට අතවරයට පත් කාන්තාව විසින් තමන්ට
සිදුවු අපරාධය හෙළි කර ඇති අතර ඉන් පසුව තම බිරිඳද කැටුව පැමිණ ඇති පුතා පියාට
එරෙහිව ආණමඩුව පොලීසියට සිද්ධිය පැමිණිළි කර තිබේ.
මාමණ්ඩිය
තමන්ට මෙම අතවරය සිදු කරන විට ඔහු අධික ලෙස මත්පැන් පානය කර සිටි බවද සිද්ධියට
මුහුණ දුන් කාන්තාව පොලීසියට පවසා ඇත.
පුතාගේ සහ
ලේලියගේ පැමිණිල්ල මත සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.
අතවරයට පත්වු
බව කියන කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
ආණමඩුව
පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙයි.