ගංජා ජාවාරමේ නිරත වු බවට සැකපිට පසුගිය 10 වැනිදා අත්අඩංගුවට ගත් රාජාංගණය ප්රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායකවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ රාජාංගණය ප්රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා වශයෙන් කටයුතු කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරයෙකි. ගංජා කිලෝග්රැම් 1 ග්රෑම් 100ක් සමඟ රාජාංගණය යාය 10 ප්රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගත් අතර සැකකරු තඹුත්තේගම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරතිබේ.