අඩි හය හමාරක් පමණ දිග දිවි සමක් නිවසේ මුළුතැන්ගෙයි සගවා තැබූ පුද්ගලයෙක් සඳුදා (11) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන කැකිරාව මහේස්ත්‍රාත්වෙත ඉදිරිපත්කිරීමෙන් අනතුරුව මුදල් හා ශරීර ඇප මත මුදා හළ බව මින්නේරිය ජාතික වනෝද්‍යානය පවසයි. මින්නේරිය ජාතික වනෝද්‍යානයේ භාරකරු එච්.ජී.වික්‍රමතිලක මහතාට ස්වේච්ඡා මාර්ගේපදේශකයින්ගෙන් ලැබුණු තොරතුරකට අනුව සඳුදා (11) රාත්‍රී 9.00 පමණ මෙම වැටලීම සිදු කර තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කොට ඇත්තේ හබරණ අසිරිගම පදිංචි විසි දෙහැවිරිදි තරුණයෙකි.
අත්අඩංගුවට ගත් දිවි සමේ දිග අඩි හයයි අඟල් හයක් පමණ වන බවත් පළල අඩි හතරයි අඟල් හතරක් පමණ වන බව වනජීවි දෙපාර්තුමෙන්තුව පවසයි.
සැකකරු
කැකිරාව මහේස්ත්‍රාත් වෙත අඟහරුවාදා (12) දහවල් ඉදිරිපත් කිරීමෙන්
අනුතුරුව රුපියල් 5000 ක මුදල් ඇප සහ රුපියල් 50,000 ක ශරීර ඇප මත මුදා
හැරීමට නියෝග කළේය.
සැකකරුට මුදල් ගෙවා ගත නොහැකි වූ බැවින් බදාදා (13) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.