බස්නාහිර හා දකුණු පලාත් සභා මේ
මස විසුරැවනවා
බස්නාහිර පළාත් සභාව හා දකුණු පළාත් සභාව දෙසැම්බර් මාසයේ විසුරුවා හරිනවා
යැයි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පෙරේදා (01) හබරාදූවේදී පැවසීය.
හබරාදූව හරුමල්ගොඩ කිරිවැල්දෙනිය ජල යෝජනා
ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීම නිමිත්තෙන් පැවති උත්සව සභාව අමතා ඒ මහතා මේ බව
සඳහන් කළේය.
දකුණටත් බස්නාහිරටත් කිසිම කලක නොකර තරමේ වැඩ කොටසක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ සිදුකර තිබෙන නිසා පළාත් සභා දෙකම අතිවිශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කිරීමට හැකි වන බව වීරක්කොඩි මහතා වැඩිදුරටත් පැවසීය.