පාරිභෝගිකයන් හට වැසිකිළි බඳුන් ලෙස
සකසන ලද අසුනක හිඳ ආහාර ගැනීමේ හැකියාව
සාමාන්‍යයෙන්
ශරීර කෘත්‍යය ඉටු කර ගැනීම සඳහා භාවිතා කරන වැසිකිළියක ආහාර ගැනීම කෙසේ
වුවද, ආහාර ගන්නා අවස්ථාවක වැසිකිළි පිළිබඳව සිහිපත් කිරීමද බොහෝදෙනෙකුට
අපුල ගෙන දෙන්නකි. එසේ වුවද ඇමෙරිකානු ප්‍රජාව සම්බන්ධයෙන් නම් මෙය
සත්‍යයක් නොවන බව පසක් කරන සිදුවීමක් පසුගිය දිනකදී ලොස් ඇන්ජලීස් නුවරින්
වාර්තා විය. ඒ වැසිකිළි තේමා කොටගත් අවන්හලක් එහි විවෘත කිරීම නිසාවෙනි.

ඒ අනුව යමින් පසුගිය ඔක්තෝබර් 11 දා නිල ලෙස විවෘත
කෙරුනු ද මැජික් රෙස්ට්රූම් කැෆේහි බාහිර ස්වරූපය කෙසේ වතුදු පිළිගන්වන
ආහාර සම්බන්ධයෙන් නම් දැන් සිටම චෝදනා එල්ල වී ඇති අතර පාරිභෝගිකයන් අතර
ජනප්‍රිය වී ඇත්තේ අවන්හලේ ආහාර නොව එහි ගෘහ නිර්මාණ ශිල්පය බව ප්‍රකට
කරුණකි. එබඳු චෝදනා අතර ආහාර සැපයීමේ සේවයේ ආකාර්යක්ෂමතාව මෙන්ම නිවී ගිය
ශීතල ආහාර පිළිගැන්වීම වැනි පැමිණිලිද තිබුණද, නානකාමරයක් තුළ හිඳ ආහාර
ගැනීමට ලැබිමේ අත්දැකීම සැබෑ ලෙස විඳ ගැනීම සඳහා පමණක් වුවද ද මැජික්
රෙස්ට්රූම් කැෆේ වෙත යාම වටිනේය.
උපුටා ගැනීම-ලක්බිම පුවත්පත