අනියම් බිරිද ඝාතනය කළ කංකානිට මරණ දඬුවම

2006 නොවැම්බර් 06 වැනිදා බදුල්ල වේවැස්ස වත්තේදී වේලුපිල්ලේ සෙල්වකුමාරි නැමැත්තිය ඝාතනය කළැයි එම වත්තේම පදිංචි වේලූ සිව චන්ද්‍රබෝස් නමැත්තාට විරුද්ධව මෙම නඩු විභාගය පැවැත්විණි. වේලූ සිව වේවැස්ස වත්තේ කංකානි කෙනෙකු වන අතර අදාළ කාන්තාගේ අනියම් සැමියා වන බව මෙම නඩු විභාගය අතරතුර අනාවරණය විය.