Facebook

Facebook

Gossip E lanka

 photo cccc_zpse86e45be.jpg  photo CHEAPwebhostingsrilanka_zpsf891be4a.jpg  photo cccc_zpse86e45be.jpg

Advertisements

 photo bookmark1_zps7c4a0c68.jpg

Paid Advertisment

 photo cccc_zpse86e45be.jpg  photo webhostingsrilanka_zps58ce5842.jpg  photo Ca_zps4f1d207a.jpg

Paid Advertisement

 photo cccc_zpse86e45be.jpg  photo 62_zpsd4198c45.jpg  photo cccc_zpse86e45be.jpg  photo emoneylankajobs_zpsde5cd697.jpg
Powered by Blogger.

Sponser Adds


නළුවා, නිළිය කියන එකෙන් වෙන ප්‍රයෝජන ගන්න 

  හදන අය ඉන්නවා.


 අමිල අබේසේකර බොහෝ දෙනාගේ ආදරය දිනා ගත්තු රංගන ශිල්පියෙක්. දැන් පුංචි තිරයෙන් වෙනදා තරම් අමිලව දක්නට නොලැබුණත් ඔහු රංගනයෙන් දායක වුණු, මේ දිනවල ස්වර්ණවාහිනිය හරහා විකාශනය වන  'මුතු පලස' ටෙලි නාට්‍ය දැන් බෙහෙවින් ජනප්‍රියයි. ඒ වගේම අමිල තවමත් ජනප්‍රියයි.  අමිල පිළිබදව නවතම තොරතුරු රැසක් අපට ද දැනගන්නට ලැබුණා.

මුතු පලස ටෙලි නාට්‍යයේ වැඩකටයුතු කරගෙන යන අතර වාරයේ ඔහු තවත් අලුත් නාට්‍යයකට දායක වුණාලු. ඒත් අමිලට තවම චිත්‍රපටයක රංගනයෙන් දායක වන්නට තරම් සුදුසු චරිතයක් ඔහුට ලැබුණේ නැහැලු. වැඩවල අඩුවක් නොවුනත්, අමිල නිතර නිතර රටෙන් පිට යන නිසා ඔහුට එකදිගටම නිර්මාණ ගොඩක් අරගෙන වැඩ කරගෙන යන්න ටිකක් අමාරුයිලු.  ඒත් කරන දේ හරියට කරන බවත් ඔහු පවසනා.


ක්ෂේත්‍රයට පිවිසෙන අලුත් නළුවන් නිසා පරණ නළුවන් බැණුම් අහනවා කියන කතාව පිළිබදවත්, අමිලගේ අනෙක් තොරතුරු පිළිබදවත් ඔහු මාධ්‍ය හමුවක් හා එක්වෙමින් පවසා සිටියා.
"අලුතෙන් ආපු සමහර අය ඉන්නවා තමන්ගේ ලෝක හදාගෙන ඉන්න අය. කාටවත් ගරු කිරීමක් නැති අය නළුවා, නිළිය කියන එකෙන් වෙන ප්‍රයෝජන ගන්න හදන අය ඉන්නවා. ඒ වගේ අය නිසා අපි අපහසුතාවට පත් වෙනවා. මොකද අපි හැමෝම එකම ක්ෂේත්‍රයේ නිසා.

අපි වුණත් අපිට කලින් ක්ෂේත්‍රයට ආපු අය වුණත් ගොඩක් මහන්සි වෙලා නමක් හදා ගත්තු අය. ඒත් අද නාට්‍ය හතර පහක රඟපාලා ජනප්‍රිය වුණාම සමහරු හිතනවා ඒ ගොල්ල තරම් කෙනෙක් නැහැ කියලා. 
එහෙම හිතන අය දැනගන්න ඕන උඩ යන තරමට අවසානයත් ළඟයි කියලා. අඩු ගාණට රඟපාලා වැඩි නාට්‍ය ගාණක ඉඳලා වැඩක් නැහැ. ඒ අය කරන්නේ ඒ වැඩේ. ඒත් එකෙන් වැඩක් නැහැ. ඒක තාවකාලිකයි.

අලුත් අය ක්ෂේත්‍රයේ ඉන්න ඕන. නැත්නම් ක්ෂේත්‍රයේ පැවැත්මක් නැහැ. හැබැයි ඒ අය දැන ගන්න ඕන හරි විදිහට ක්ෂේත්‍රයේ ඉන්න. එහෙම නොවුණොත් ඒ අයට වගේම ක්ෂේත්‍රයටත් හොඳ නැහැ.

සමහර අය නම් කියාවි අලුත් අය අපිට වඩා ජනප්‍රියයි කියලා. ඒත් මම නම් කියන්නේ එදා වගේම අදත් මට ආදරේ කරන පිරිසක් මාත් එක්ක ඉන්නවා කියලා. ගොඩක් අය තවමත් කැමති මාව පෙම්වතා විදියට දකින්න. ඒ නිසා මට ලැබෙන්නෙත් මම තෝරාගන්නෙත් ඒ වගේ චරිත.

ඒ නිසා මගේ ජනප්‍රියත්වය අඩු වෙලා නැහැ කියලා මම දන්නවා. ජනප්‍රියද නැද්ද කියලා බලන්න ඉතින් පාරට බැහැලම බලන්න ඕන. ජනප්‍රිය නළුවාට සම්මාන හම්බවෙන ලැයිස්තුවේ මුල් හරියේ නම තිබුණෙ නැහැ කියලා ජනප්‍රිය නැහැ කියලා කියන්න කාටවත් බැහැ.

මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 15ක් විතර වෙනවා. අවුරුදු 12 ක් 13ක් තිස්සේ ටෙලි නාට්‍යවල ඉන්නවා.

මම ආඩම්බරයි කියලා කවුරුහරි කියනවා නම් එහෙම කියන්නේ ජීවිතේටවත් මාව දැකලා කතා නොකරපු අය. මම මාත් එක්ක කතා කරන ඕන කෙනෙක් එක්ක හොඳට කතා කරලා සුහදව ඉන්න කෙනෙක්."

ඔය සෑම කතාබහැක අතරේම අමිල ලංකාව අතහැරලා යන්න බලා‍පොරොත්තුවක් තියෙනව ද කියලත් අපි හොයල බැලුවා එතකොටයි දැනගත්තේ ඔහු තවමත් ඒ ගැන හිතමින් කාලේ ගෙවන බව.

"ලංකාව අතහැර යනවා ද කියා තවම හරියට කියන්න බැහැ..... මෙහෙ ඉන්නවද රට යනවද කියලා තීරණයක් ගන්න මමයි, මගේ බිරිඳයි මේ දවස්වල කතා කරමින් ඉන්නේ. දැනට මොකුත් කියන්න අමාරුයි.

හොඳ නාට්‍යයක් නිෂ්පාදනය කරන්න බලා‍පොරොත්තුවක් තියෙනවා. පුද්ගලික ජීවිතේ ගැනත් බලා‍පොරොත්තු තියෙනවා."





Comment

එසැනින් පුවත්

Total Pageviews