මරණයට හේතුව පෙම් පලහිලව්වක්
වාරියපොළ, බණ්ඩාර-කොස්වත්ත මදිගේ මිදියාන විදුහලේ
බාල්කයක එල්ලී සිය දිවි නසාගත්තේ යැයි කියන තරුණයාගේ මළ සිරුර වාරියපොළ මහේස්ත්රාත්/
දිසා විනිසුරු ඒ.එස්.කේ. බාලපටබැඳි මහතා ඉදිරියේ ඊයේ යළි ගොඩගැනිණි. මෙසේ මරණයට
පත්ව තිබුණේ 18 හැවිරිදි සිසුවෙකි.
මෙම මරණය සැකසහිත බවට ඔහුගේ ඥතීන් ප්රකාශ
කිරීමෙන් අනතුරුව මළ සිරුර යළි ගොඩගැණින. මෙම තරුණයා පෙම් සබඳතා පැවැත්වූ තරුණියගේ
පියා වැඩිමහල් සොහොයුරා සහ තවත් අයකු මෙම මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන
ඇත.