Sponser Adds
අමිල සමග කල කථාවක්
Unknown
0
comments
නළුවා, නිළිය කියන එකෙන් වෙන ප්‍රයෝජන ගන්න
හදන අය ඉන්නවා.
අමිල අබේසේකර බොහෝ දෙනාගේ ආදරය දිනා ගත්තු රංගන ශිල්පියෙක්. දැන් පුංචි තිරයෙන් වෙනදා තරම් අමිලව දක්නට නොලැබුණත් ඔහු රංගනයෙන් දායක වුණු, මේ දිනවල ස්වර්ණවාහිනිය හරහා විකාශනය වන 'මුතු පලස' ටෙලි නාට්‍ය දැන් බෙහෙවින් ජනප්‍රියයි. ඒ වගේම අමිල තවමත් ජනප්‍රියයි. අමිල පිළිබදව නවතම තොරතුරු රැසක් අපට ද දැනගන්නට ලැබුණා.
මුතු පලස ටෙලි නාට්‍යයේ වැඩකටයුතු කරගෙන යන අතර වාරයේ ඔහු තවත් අලුත් නාට්‍යයකට දායක වුණාලු. ඒත් අමිලට තවම චිත්‍රපටයක රංගනයෙන් දායක වන්නට තරම් සුදුසු චරිතයක් ඔහුට ලැබුණේ නැහැලු. වැඩවල අඩුවක් නොවුනත්, අමිල නිතර නිතර රටෙන් පිට යන නිසා ඔහුට එකදිගටම නිර්මාණ ගොඩක් අරගෙන වැඩ කරගෙන යන්න ටිකක් අමාරුයිලු. ඒත් කරන දේ හරියට කරන බවත් ඔහු පවසනා.
තවත් අලුත් වැඩක්
Unknown
0
comments
අමුඩයෙන් සැරසී පත්‍රිකා බෙදලා
2014 අයවැයෙන් ගොවි විශ්‍රාම
වැටුප්ලාභීන්ට අසාධාරණයක් වී යැයි පවසමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින්
මහජනතාව දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදීමක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ඊයේ (02) සිදු කෙරිණි.
එම අවස්ථාවට පැමිණි පිරිස අමුඩයෙන් සැරසී පත්‍රිකා බෙදූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
එම අවස්ථාවට පැමිණි පිරිස අමුඩයෙන් සැරසී පත්‍රිකා බෙදූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
තවත් මැතිවරණයත් අත ලග
Unknown
0
comments
බස්නාහිර හා දකුණු පලාත් සභා මේ
මස විසුරැවනවා
බස්නාහිර පළාත් සභාව හා දකුණු පළාත් සභාව දෙසැම්බර් මාසයේ විසුරුවා හරිනවා
යැයි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පෙරේදා (01) හබරාදූවේදී පැවසීය.
හබරාදූව හරුමල්ගොඩ කිරිවැල්දෙනිය ජල යෝජනා
ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීම නිමිත්තෙන් පැවති උත්සව සභාව අමතා ඒ මහතා මේ බව
සඳහන් කළේය.

සාමාන්‍යයෙන් ශරීර කෘත්‍යය ඉටු කර ගැනීම සඳහා භාවිතා කරන වැසිකිළියක ආහාර ගැනීම කෙසේ වුවද, ආහාර ගන්නා අවස්ථාවක වැසිකිළි පිළිබඳව සිහිපත් කිරීමද බොහෝදෙනෙකුට අපුල ගෙන දෙන්නකි. එසේ වුවද ඇමෙරිකානු ප්‍රජාව සම්බන්ධයෙන් නම් මෙය සත්‍යයක් නොවන බව පසක් කරන සිදුවීමක් පසුගිය දිනකදී ලොස් ඇන්ජලීස් නුවරින් වාර්තා විය. ඒ වැසිකිළි තේමා කොටගත් අවන්හලක් එහි විවෘත කිරීම නිසාවෙනි.

ඒ අනුව යමින් පසුගිය ඔක්තෝබර් 11 දා නිල ලෙස විවෘත
කෙරුනු ද මැජික් රෙස්ට්රූම් කැෆේහි බාහිර ස්වරූපය කෙසේ වතුදු පිළිගන්වන
ආහාර සම්බන්ධයෙන් නම් දැන් සිටම චෝදනා එල්ල වී ඇති අතර පාරිභෝගිකයන් අතර
ජනප්‍රිය වී ඇත්තේ අවන්හලේ ආහාර නොව එහි ගෘහ නිර්මාණ ශිල්පය බව ප්‍රකට
කරුණකි. එබඳු චෝදනා අතර ආහාර සැපයීමේ සේවයේ ආකාර්යක්ෂමතාව මෙන්ම නිවී ගිය
ශීතල ආහාර පිළිගැන්වීම වැනි පැමිණිලිද තිබුණද, නානකාමරයක් තුළ හිඳ ආහාර
ගැනීමට ලැබිමේ අත්දැකීම සැබෑ ලෙස විඳ ගැනීම සඳහා පමණක් වුවද ද මැජික්
රෙස්ට්රූම් කැෆේ වෙත යාම වටිනේය.
උපුටා ගැනීම-ලක්බිම පුවත්පත
අඩි
හය හමාරක් පමණ දිග දිවි සමක් නිවසේ මුළුතැන්ගෙයි සගවා තැබූ පුද්ගලයෙක්
සඳුදා (11) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන කැකිරාව මහේස්ත්‍රාත්වෙත
ඉදිරිපත්කිරීමෙන් අනතුරුව මුදල් හා ශරීර ඇප මත මුදා හළ බව මින්නේරිය ජාතික
වනෝද්‍යානය පවසයි. මින්නේරිය ජාතික වනෝද්‍යානයේ භාරකරු එච්.ජී.වික්‍රමතිලක මහතාට ස්වේච්ඡා මාර්ගේපදේශකයින්ගෙන් ලැබුණු තොරතුරකට අනුව සඳුදා (11) රාත්‍රී 9.00 පමණ මෙම වැටලීම සිදු කර තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කොට ඇත්තේ හබරණ අසිරිගම පදිංචි විසි දෙහැවිරිදි තරුණයෙකි.
අත්අඩංගුවට ගත් දිවි සමේ දිග අඩි හයයි අඟල් හයක් පමණ වන බවත් පළල අඩි හතරයි අඟල් හතරක් පමණ වන බව වනජීවි දෙපාර්තුමෙන්තුව පවසයි.
සැකකරු
කැකිරාව මහේස්ත්‍රාත් වෙත අඟහරුවාදා (12) දහවල් ඉදිරිපත් කිරීමෙන්
අනුතුරුව රුපියල් 5000 ක මුදල් ඇප සහ රුපියල් 50,000 ක ශරීර ඇප මත මුදා
හැරීමට නියෝග කළේය.
සැකකරුට මුදල් ගෙවා ගත නොහැකි වූ බැවින් බදාදා (13) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.